ඇල්ලේ අනතුරට පත් බස් රථයේ රියදුරු බසයක් ධාවනය කර ඇත්තේ දෙවැනි වතාවට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී අනතුරට ලක් වූ බස් රථය පැදවූ රියදුරා බස් රථයක් ධාවනය කර ඇත්තේ දෙවැනි වතාවට බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර මන්ත්‍රීවරයා මෙහිදී බස් රථ ධාවනයට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා නව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව මන්ත්‍රීවරයා සඳහන් කළේ, “මම යෝජනා කරනවා මෙම සභාවට අනිවාර්යයෙන්ම අවුරුදු 35 පිරිච්ච විවාහ වෙච්ච අයට බස් ලයිසන්, බලපත්‍රය ලබාදෙන්න කියන එක මම යෝජනා කරනවා.” යනුවෙන්.

මේ අතර අනතුර සිදුවීමෙන් පසු ඇල්ල ප්‍රදේශයේ ජනතාව, රෝහල්වල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල ඇතුළු සියලුදෙනා කටයුතු කළ ආකාරය සහ දැක්වූ සහයෝගයට තංගල්ල ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස ස්තූතිය පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
6
+1
24
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?