ගෙළ කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය, තලාව ප්රදේශයේ තේ වත්තක තිබී ඊයේ (09) පොලිසිය විසින් සොයා ගත්තා.
මෙලෙස සොයාගැනුනේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නැමැති තරුණියකගේ මළ සිරුරක්
මෙම තරුණිය ඝාතනය කිරීමේ සිදුවීමට පෙර ඇයව පැහැරගත් බවට පැවසෙන ත්රිරෝද රථය සහ එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනයේ විමර්ශන සිදුකරමින් පැවති අතරතුර සැකකාර ත්රිරෝද රථ රියදුරු කරන්දෙණිය පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් කුලී පදනමට එම ගමන ගිය බවත් පසුව අදාළ පුද්ගලයා සහ තරුණිය නානායක්කාර මාවත ආසන්නයේදී බස්සවා ගිය බවත් සැකකාර ත්රිරෝද රථ රියදුරු පොලිසියට පවසා තිබේ.
සැකකාර ත්රිරෝද රථ රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
