ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හේවාපතිරණගේ ගයාන් වේනුක දිසානායක නමැති අයයි.

ඊයේ රාත්‍රී වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනිණ.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමග සිටි අනෙකු පුද්ගලයන් පැන ගොස් තිබෙනවා.

ඔහු පැමිණි මෝටර් රථය, ස්කෑනර් යන්ත්‍රයක් හා කලු ගල් විදීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනා.

සැකකරු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇති අතර මේ පිළිබඳ නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?