ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පැහැර ගනී

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(12) දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් 03 දෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් ගොස් ඇති අතර පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර ඇති බවත් සිසුවිය සිදු කරන ලද පහරදීම් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙන බව පොලිසිය පවසයි.

පසුව එම ස්ථානයෙන් පලාගිය දැරියට නිවස වෙත යාම සඳහා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු උදව් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.

දැනට දැරිය රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන යන බව පොලීසිය සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !