ඇමෙරිකාවේ තීරුබදු අඩුකර ගැනීම පිළිබද කර්මාන්තකරුවන්ගෙන් ජනපතිට ස්තුතිය

මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

මෙහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සෑම රුපියලක්ම වඩා ප්‍රතිඵලදායී ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවද පැවසුවා.

මෙහිදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum), නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයෝ එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කළා.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ නව අභියෝග සහ අවස්ථා පිළිබඳවද පාර්ශ්වකරුවන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, සියලු ක්ෂේත්‍ර සඳහා බදු සහන හිමි විය යුතු බව රජය පිළිගන්නා බවත්, රජයේ ආදායම් තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එම සහන ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ඇමෙරිකා එක්සත් ජනපදය “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරුබදු ප්‍රතිශතය අඩු කර ගැනීමට රජය සිදු කළ මැදිහත්වීම මෙහිදී අගය කළ කර්මාන්තකරුවෝ, ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ අතර, ඉදිරියේදී තවදුරටත් සහන ලබා ගැනීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියා.

එමෙන්ම, ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ලෝක වෙළෙඳපොළ තුළ මේ වන විට ශ්‍රී ලංකාවට ඇති නව අවස්ථා ඵලදායී ලෙස යොදා ගැනීමට සහ අභියෝගයන්ට මුහුණ දීමට ගත හැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

මෙම කරුණු පිළිබඳව ඉදිරි විදේශ නිල සංචාරවලදී අවධානය යොමු කරන ලෙසද පැමිණ සිටි නියෝජිතයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මේ වන විටත් රජයේ අවධානය යොමුව තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ සංවර්ධන බැංකුවක අවශ්‍යතාව මෙහිදී පැමිණ සිටි නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අයුරින්ම මාර්ගගත ක්‍රමවේද සංවර්ධනය සහ SVAT, Standard VAT දක්වා පරිවර්තනය කිරීම ඇතුළු රජයේ ඩිජිටල්කරණ ප්‍රවේශය පිළිබඳවද මෙහිදී කර්මාන්තකරුවන් ස්තූතිය පළ කළ අතර, එකී ප්‍රවේශ පහසුකම් තවදුරටත් සංවර්ධනය කරන ලෙසද ඔවුහු යෝජනා කළා.

මේ වන විට නිෂ්පාදනවලින් 55%ක් අගය එකතු කරන ලද නිෂ්පාදන බවත්, එය ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී ප්‍රකාශ කළ කර්මාන්තකරුවෝ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරනු ඇති බවටද විශ්වාසය පළ කළා.

ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් මත පදනම් රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම සියලු යෝජනා පිළිබඳ අධ්‍යයනය කර, රජය පාර්ශ්වයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සහ ඒ වෙනුවෙන් කළ යුතු ඉදිරි සාකච්ඡා පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙසද මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ අස්තුලු පිරිසක් ද, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04