ඇමැතිවරුන් නැතත් අමාත්‍යාංශ රාජකාරි නිසි ලෙස ඉටු කරන්න

ඇමැතිවරුන් නැතත් අමාත්‍යාංශවල රාජකාරි නිසි ලෙස සිදු කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඊයේ (12 වැනිදා) උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සමග ජනාධිපති මන්දිරයේ ඊයේ (12 වැනිදා) පැවැති සාකච්ඡාවකදීය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට මේ මොහොතේදී විශාල වගකීමක් පැවරී තිබෙන බැවින් එය නිසි ලෙස ඉටු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසීය.

රටේ මේ මොහොතේ පවතින ගෑස්, ඉන්ධන, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට හැකි වටපිටාවක් සැකසීමට වැඩපිළිවෙළක් සකසන ලෙසත් උපදෙස් ලබා දුන් බව එම සාකච්ඡාවට සහභාගී වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද පැවසීය. එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ වුවත් රාජ්‍ය සේවය නිසිලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සියලුම ලේකම්වරුන්ට ස්තුතිය පුද කළ බවත් ඉදිරියටත් එම සහයෝගය මනා ලෙස ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04