ඇමරිකාව ලංකාවට කොරෝනා සම්බන්ධව අනතුරු අඟවයි

ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් වන IHME ආයතනය පෙන්වා අනතුරු අඟවනවා.

එම ආයතනය විසින් සිදුකරන ලද ප්‍රක්ෂේපණ වාර්තා අනුව දැක්වෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගතහොත් සැප්තැම්බර් මස වන විට මරණ 20,000ක් පමණ සීමාවකින් එය වළක්වා ගත හැකි බවයි.

කෙසේ වෙතත් තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එය මරණ 30,000 දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මෙම වාර්තාවන්ට අනුව පවතින තත්ත්වය අනුව ජුනි මස දෙවන සතිය වන විට දිනක දී වාර්තා විය හැකි මරණ සංඛ්‍යාව 244 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින ව්‍යසනකාරී තත්ත්වය තවත් බරපතළ වුවහොත් එය 350 සීමාව දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

ඔවුන්ගේ ප්‍රක්ශේපන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට කොවිඩ් -19 වසංගතයෙන් බරපතළම බලපෑම ඇතිකරන්නෙ ජුනි මාසයේ දෙවැනි සහ තුන්වැනි සතිය අතරතුරයි.

IHME ආයතනය වාර්තා කරන ආකාරයට ජුනි මාසයේ දෙවැනි සහ තෙවැනි සතිය ඇතුළත මෙරට දෛනික මරණ සංඛ්‍යාව 265 සිට 307 දක්වා ඉහළ යා හැකියි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ ජූනි මාසයේ දෙවෙනි සහ දෙවැනි සතිය ඇතුලත මරණ දිනකට මරණ 250ක් 260 ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් එය දිනකට මරණ 307 සිට 355 දක්වා ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජුනි මස පළමු සතිය අවසන් වන විට දැඩි සත්කාර ඇඳන් 3500 ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බවත් රෝගී සත්කාර ඇඳන් 20700 ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?