අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීමට තම රට සූදානම් බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශ හමුවේ පාකිස්ථානය මේ බව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ට්‍රම්ප්ට පටහැනි අදහස් දක්වන ඉරානය පෙන්වා දෙන්නේ අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක නිරත නොවන බවයි.
නමුත් පකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පණිවිඩකරුවන් ලෙස සේවය කර ඇති බව එක්සත් ජනපද සහ ඊශ්‍රායල විදෙස් මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













