ඇමති හරීන් සහ මනුෂගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට හසුකරගෙන උපරිම දඬුවම් පැමිණවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න ලෙස සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

අමාත්‍යවරුන් දෙදෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී ඉල්ලීම් සහ කොන්දේසි හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසිවලින් 06ක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

එම ඉල්ලීම් වලින් ඉටු කිරීමට ඇත්තේ පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට හසුකරගෙන උපරිම දඬුවම් පැනවීම පමණක් බව අදාළ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන්.

2
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?