ඇමති බන්දුලගේ නිල නිවසේ කාමර දෙකක් පොලීසිය සීල් තියන්න හේතුව මෙන්න

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලබාදුන් නිල නිවස යළි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට බාර දීමට කටයුතු කර තිබෙනවා.

කොළඹ 07 මැකැන්සි පාරේ පිහිටි මෙම අමාත්‍ය නිල නිවස හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කරන ලද්දකි.

රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම නිල නිවස භාවිත කරන සමයේ එතුළදී බාලවයස්කාර දැරියන් අපහරණයට ලක්වූ බවට සැක කෙරෙන අපරාධ හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ වන විට බාලවයස්කාර දැරියන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක් කිරීම හේතු කොට ගෙන එම නිල නිවසේ කාමර දෙකක් මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?