spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ප්‍රසන්න සහ දේවානි ජයතිලක අතර උණුසුම් කතාබහක් (VIDEO)

අද (20) නයිවල ප්‍රද්ශයේ පැවති “ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී” අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

එම කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක අදහස් පළ කරමින් සිටි අවස්ථාවේදී.

“මේක 1885 මැයි 22 වනදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතයක් ගම්පහ තියෙන එකම නැවුරල් කැළේ මේක විතරයි. මේ රජය අපකිරීතියට පත්වෙන්නේ මේ වගේ වැරදි තීරණ හින්දා නිලධාරීන්ගේ වැරදි තීරණ හින්දයි දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙන්නේ.” ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක කියා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ අදහස් පළ කර සිටියා, “කරුණාකරලා ඔය මිනිස්සුන්ට වගා කරන්න දිලා තියෙනවානම් ගැසට් කරනකොට. ඕවා ගැසට් කරපු එකත් පළමුවෙන්ම වැරදියි වනජීවි එක යටතට. දුන්න නම් වගාකරන්න දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන ජීවත්වෙන මිනිස්සු එළියට දාන්න බැහැ”.

ඊට ප්‍රති පිළිතුරු ලබා දෙමින් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක “සුරකිමු ගංඟා“ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේම එකක් එතකොට ඒ අනුව ගත්තාම ඔය කෑල්ල දෙන්න බැහැ” යැයි කියා සිටියා.

විඩියෝ අනුග්‍රහය – Adaderana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?