ඇමති ප්‍රසන්නගේ බිරිඳට ඉඩමක් පැවරීම ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබාදීමේ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරියක වන අනිෂ්කා රංජීවි ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳවන මොරින් රණතුංග, නීතිපති ඇතුළු 18 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තලවතුගොඩ, පෙරේරා මාවතේ පිහිටි කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදී ගත් බවයි.

එම නිවාස සංකීර්ණයට යාබදව ඇල මාර්ගයක් තිබෙන අතර ඊට යාබදව රජයට අයත් වගුරු බිමක් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

පසුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටිය දී මෙම ඉඩම නීති විරෝධී ආකාරයෙන් ගොඩකිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඉන්පසුව එම ඉඩම තුළ අනවසර ආකාරයෙන් ඉදිකිරීමක් සිදුකිරීමට කටයුතු කරන වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතනවලට පැමිණිලි කළත් ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසන පෙත්සම්කාරිය තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පළා යාමට සිදු වූ බවත් සඳහන් කළා.

මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් වැසි ජලය බැසීයාමේ අවහිරතා මතුවි ඩෙංගු උවදුර ව්‍යාප්ත වන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පෙත්සම්කාරිය චෝදනා කරනවා.

කරුණු සොයා බැලීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඇය පෙන්වා දෙනවා.

ඒ, අනුව අදාළ ඉඩම පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ ඉඩමේ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට බලකෙරෙන රිට් ආඥාවක් නිකුත් කළ ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ ඉඩම ඇල මාර්ගයට සම්බන්ධ රජයේ ඉඩමක් වශයෙන් පැවතීමට ඉඩ දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02