ඇමතිගේ නම විකුණා රට රැකියාවලට සල්ලි ගරලා – සැකකරුවෙක් අත්අඩංගුවට

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ට ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (05) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වැලිගම සහ බූස්ස ප්‍රදේශවල තරුණයින් දෙදෙනෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මාතර ප්‍රදේශයේ පදිංචි සැකකරු තරුණයින්ට ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 02 බැඟින් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (06) මාතර අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතයි.