ඇප ලැබුණත් චාමර අප්‍රේල් 01 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

මන්ත්‍රීවරයා ව අද දහවල් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවූ අවස්ථාවේදි අත්අඩංගුවට ගැනුණු අතර අද පස්වරුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා තිබෙනවා.

එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබා දී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

කෙසේවෙතත් තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ දී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙමගින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදු ව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුව ද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඇප ලබාදීමේ දී චාමර සම්පත් දසනායක මහතාට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියම කළා.

තුන්වන චෝදනාව සඳහා වරදකරු කරමින් චාමර සම්පත් දසනායක මහතා එළඹෙන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
19
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?