AFC Banner
Empty Ad
Empty Ad

ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් ඉවත් නොකරන නීතිය

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇදිරිනීතිය අද අළුයම 06ට ඉවත් කෙරුණා. මහජන ආරක්ෂක අඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 02වනදා පස්වරු 06 සිටයි. 

කෙසේවෙතත් ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද රට තුළ හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. රට පුරා හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඉකුත් අප්‍රේල් පළමු වනදායි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින්. 

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම අවස්ථානුකූලයැයි අදහස් කරන බැවින් හදිසි නීතිය පනවන බවයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?