ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය පාලනය වුණා – ජනපති

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මඟින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය මහතා පවසනවා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (25) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම තැනකම, සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බව රාජ්‍ය නායකයන් හමුවේ යළි අවධාරණය කර සිටියා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විවාදය සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළා.

විවාදයේ පළමුවන වටයේ දී එන්නත් නිෂ්පාදනයේ දී සහ බෙදාහැරීමේ දී මතුව ඇති අභියෝග, ගුණාත්මකභාවය, අඩු ආවරණයක් සහිත රටවල අවශෝෂණ ධාරිතාව, බෙදාහැරීමේ අනුපාතය වැඩිදියුණු කිරීම සහ සැපයුම් පුරෝකථනය සහතික කිරීම පිළිබඳ කතිකාවට ලක් කෙරුණා.

විවාදයේ දෙවන වටයේ දී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නවෝත්පාදන සහ විසඳුම් හඳුනාගැනීම සිදුකරන අතර ගෝලීය එන්නත්කරණ සඳහා වේගවත්ව ක්‍රියාත්මක වීම අපේක්ෂා කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය, එන්නත් සන්ධානය වන ‘ගවි’ (GAVI) හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙත් බර්ක්ලි සහ රාජ්‍ය නායකයන් රැසක් මෙම සමුළුව අමතනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?