ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය පාලනය වුණා – ජනපති

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මඟින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය මහතා පවසනවා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (25) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම තැනකම, සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බව රාජ්‍ය නායකයන් හමුවේ යළි අවධාරණය කර සිටියා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විවාදය සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළා.

විවාදයේ පළමුවන වටයේ දී එන්නත් නිෂ්පාදනයේ දී සහ බෙදාහැරීමේ දී මතුව ඇති අභියෝග, ගුණාත්මකභාවය, අඩු ආවරණයක් සහිත රටවල අවශෝෂණ ධාරිතාව, බෙදාහැරීමේ අනුපාතය වැඩිදියුණු කිරීම සහ සැපයුම් පුරෝකථනය සහතික කිරීම පිළිබඳ කතිකාවට ලක් කෙරුණා.

විවාදයේ දෙවන වටයේ දී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නවෝත්පාදන සහ විසඳුම් හඳුනාගැනීම සිදුකරන අතර ගෝලීය එන්නත්කරණ සඳහා වේගවත්ව ක්‍රියාත්මක වීම අපේක්ෂා කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය, එන්නත් සන්ධානය වන ‘ගවි’ (GAVI) හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙත් බර්ක්ලි සහ රාජ්‍ය නායකයන් රැසක් මෙම සමුළුව අමතනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14