ඇත්තටම අපිට වෙන රටවල ට යන්න බැරි වේවි ද ?

මේ වන විට ලංකාවේ පවතින තත්වයන් මත විදෙස් ගත වී අධ්‍යාපනය ලැබීමට සිහින මවන බොහෝ දෙනාට තිබෙන මූලිකම ගැටලුවක් වන්නේ විශ්ව විද්‍යාලයට මුදල් බැර කරන්නේ කෙසේ ද යන්නයි.මේ සම්බන්දව අප කළ සොයා බැලිමේ දී අපට අවබෝධ වූයේ ඒ සදහා මේ වන විට ඇති මාර්ග බොහෝමයක් ඇහිරී ඇති බවයි.

නමුත් තවමත් පුද්ගලික බැංකු කිහිපයක් ඒ සදහා යම් යම් නීතී රීති මත අවකාශය ලබා දෙන අතර ඔබට ඔවුන් සම්බන්ධ කරගෙන ඒ සම්බන්දව විමසීමක් කිරීමට හැක.ඒ හරුනු විට අනෙක් පහසුම මාර්ගය වන්නේ ඔබගේ නෑ හිතවතුන් හරහා එම මුදල් ප්‍රේශනය කිරීමයි.ඒ සම්බන්දව ඔබ සියල්ලටම ප්‍රථමයෙන් ඔවුන්ගේ කමැත්ත අකමැත්ත විමසා සිටිය යුතු අතර ඔවුන් ජීවත් වන රටේ ඒ සම්බන්ද නීතී රීති පිළිබඳව ද විමසීම කළයුතු වනවා.

ඒ සියල්ලට අමතරව උන්ඩියල් ක්‍රමයට ද මුදල් යැවීමට හැකි වුවත් ඒ ක්‍රමවේදය නීති විරෝධි බැවින් ඒ සම්බන්ධව අප වැඩි විස්තර කතා කිරීමට බලා පොරොත්තු වන්නේ නැහැ.

මේ කරුණු කාරනා වලට අමතරව ඊලගට වැදගත් කාරණාව වන්නේ ඔබ ඉදිරිපත් කරන්නා වූ මුදල් වාර්ථා සමග රටේ ආර්ථික තත්වයේ නොගැලපීම් ඇති වීමේ ඉඩ කඩක් ඉදිරියේ දී ඇති වීමට ඉඩ ඇත.උදාහරණයක් ලෙස ඔබේ මව පියා සතු ව්‍යාපාර වල ලාබ ලැබෙන බව පෙන්වා ඔබ අදාල රටවල් සදහා වීසා ඉල්ලු කර ද සමස්ථ රටෙහිම සංචිත හිඟ වී සෘණ වී ඇත් නම් ඒ මුදල් වාර්ථා අසත්‍ය බවට පිළිගෙන ඔබේ වීසා අයදුම්පත අවලංගු වීමට බොහෝ ඉඩකඩ ඇත.

එමෙන්ම අනෙක් කාරනාව වන්නේ ඔබ දියුණු රටකට ගොස් නැවත පැමිණෙන බවට ඉදිරිපත් කරන සියලු ලිප් ලේඛන ආදියෙහි විශ්වාසනීයභාවය මද වීමට ද බොහෝ ටිඩකඩක් ඇත.

හෙට දිනයේ ( ජනවාරි 18 ) ගෙවීම ඇති ණය වාරික සම්බන්දව ප්‍රර්වාපර සංධි ගලපා නැවත වතාවක් ලිපියේ ඇති කරුණු ගලපා බැලූ විට ඉදිරියේ දී විදෙස්ගත වීම සිහිනයක් වේවීද යන්නත් අපිට ප්‍රශ්නාර්ථයක් ලෙස ඉතිරිව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34