ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනත් යළි ඇරඹේ

ජල ගැලීමේ හේතුවෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) සිට යළි ආරම්භ වුණා.

ඒ, අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර දුම්රිය අද (20) යළි ධාවනය කෙරුණේ දින 22 කට පසුවයි.

කොළඹ කොටුව සිට අද (20) උදෑසන 6.00ට ත්‍රිකුණාමලය බලා පළමු දුම්රිය ධාවනයට එක් කර තිබූ අතර, ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන 7.00ට දුම්රියක් ගමන් අරඹා තිබුණා.

මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන් අවසන් වී නොමැති අතර, එම මාර්ගයේ අලුත් වැඩියාවන් තව දින කිහිපයකින් අවසන් වන බව දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

මේ අතර පස් කඳු කඩා වැටීම්, නායයෑම් හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව එම මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) දින 23 කට පසුව ආරම්හ වුණා.

කෙසේ වෙතත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙනේ බදුල්ල සහ අඹේවෙල අතර පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?