AFC Banner
AFC Banner
Empty Ad

ඇඟලුම් සේවිකාවන් 38ක් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක

පරන්තන් මුලතිව් ප්‍රධාන මාර්ගයේ කන්ඩාවලෙයි ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇඟලුම් සේවිකාවන් 38 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් ඊයේ පස්වරුවේ අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථය වෙනත් බසයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදුවී ඇතැයි සඳහන්.

තුවාල ලැබූවන් මුලතිව් රෝහලට ඇතුලත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?