ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ රජය ගෙන යන වැඩපිළිවෙළට ෆොන්ටෙරා සමාගමේ සහය

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා හැරීම සඳහා කිරිපිටි ඇසුරුම් 69,102ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

එම පරිත්‍යාගය නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලටන් (Michael Appleton) මහතා ඇතුළු නවසීලන්ත නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සංකේතාත්මකව සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙලෙස පරිත්‍යාග වශයෙන් ලැබූ කිරිපිටි හඳුනාගත් පවල් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යල මණ්ඩල ප්‍රධානී ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය සුරේන් බටගොඩ, නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රෑ ට්‍රැවලර් (Andrew Traveller) මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02