AFC Banner
Empty Ad
Empty Ad

ආහාර විෂවීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව අද (17) පෙරවරුවේ මෙම පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පිරිස විසින් පාසලේදී පිළියෙල කරල ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් පසුව මෙම සංකූලතා මතුවී තිබෙනවා.

මෙම සිසුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?