ගෝලීය යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත භාවිත කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරෙන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.
මෙම වැඩසටහන මගින් විශේෂයෙන් ඉලක්ක කරනු ලබන්නේ ප්‍රවාහන හෝ සැපයුම් මෙහෙයුම්වලට අදාළව වෙනත් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල ලේඛනයක මේ දක්වා ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් බවත්, දැනටමත් එවැනි රජයේ පද්ධතියක ලියාපදිංචි වී ඇත්නම්, තම දත්ත ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිල සන්නිවේදන මාර්ග අනුගමනය කරන ලෙස කාරුණිකව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ඉල්ලා සිටිනවා.
මෙම දත්ත රැස්කිරීමේ ප්‍රධාන අරමුණු වන්නේ;
• සමස්ත ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන ඉල්ලුම තක්සේරු කිරීම.
• ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන මෙහෙයුම් ගැටලු හඳුනා ගැනීම.
• නිවැරදි දත්ත මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සහාය වීම, බව එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය සඳහන්.
මෙම දත්ත රැස්කිරීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන තොරතුරු මත පදනම් වන අතර, මේ හරහා රැස් කෙරෙන තොරතුරු විධිමත් විශ්ලේෂණයකින් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ පවසනවා.
අදාළ දත්ත ඉදිරිපත් කිරීමට https://forms.gle/EPPu4bciG6onEptT9 යන සබැඳිය (Link) ඔස්සේ ගූගල් ආකෘති පත්‍රය (Google Form) වෙත පිවිසීමට https:හැකියාව පවතිනවා.













