AFC Banner
AFC Banner
Empty Ad

ආහාර පිසීමේ නැකත උදාවෙයි

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද 3.29ට උදා වුණා.

අපරභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යනුවෙනුයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද අපරභාග 02.59 ට උදා වුණා.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද උදෑසන 08.35ට යි. අද රාත්‍රී 09.23 ට පුණ්‍ය කාලය නිමාවට පත් වන බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අපරභාග 05.05 ටයි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ටමෙවර අළුත් අවුරුද්දේ නැකත් වාරිත්‍රවලට අනුව හිස තෙල්ගෑමේ නැකත යෙදී තිබෙනවා. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි” යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන් වී ඇත්තේ.

රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 06.28 ට යෙදී තිබෙනවා. ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක් ද ඇතුලත්ව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?