Empty Ad
AFC Banner
Empty Ad

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට්ටුවේ අවසරය

ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියෙකුගේ ම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බව නිවේදනය කර තිබෙනවා.

අද (10) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ; නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇති බවයි.

රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම, අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වාගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලි සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගිත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයන් වනු ඇති.

එම කාර්යයන් සඳහා ඉහළ අවධානයක් යොමු කිරීම මෙන් ම ආයතනික සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතා සහ ආරක්ෂිතතා වැඩසටහන ජනාධිපති කාර්යාලය මගින් සම්බන්ධීකරණය කිරීමට තීරණය කරනු ලබනවා.

ඒ අනුව, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගිත්වය සහිත, දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයන් තුළින් ප්‍රතිපත්තිමය මගපෙන්වීම ලබාදීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සම සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අනෙකුත් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව “ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව” ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?