ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි

ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව පෙන්නුම් කරනවා.

එහි ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා අඩු වී ඇති අතර මැයි මාසයේ උද්ධමනය පැවතියේ සියයට 25යි දශම 2ක් ලෙසයි.

මැයි මාසයේ සියයට 21යි දශම 5ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී සියයට 4යි දශම 1ක් දක්වා අඩු වී තිබෙනවා. සහල් වල මිල, පොල්තෙල් රතු ලූනූ , ලොකු ලූණු , වියළි මිරිස් සහ සීනි මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි පෙන්නුම් කරන්නේ.

එළවළු සහ පලතුරු කාණ්ඩයේද යම් මිල අඩු වීමක් පෙන්නුම් කළා. මැයි මාසයේ සියයට 27ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16යි දශම 2ක් දක්වා පහත වැටී තිබෙනවා.