ආහාර අර්බුදයක් ඇති වුවහොත් මුහුණ දීමට රජය සූදානම් – පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට පියවර

ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසනවා.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රජය රුපියල් මිලියන 420ක් වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා..

මේ වන විට ඉන්දියාව, පාකිස්තානය යන රටවල් සහල් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඔවුන් එම පියවර ගෙන තිබෙන්නේ ඉදිරියේදී ඇති විය හැකි බවට විශ්වාස කරන ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහායි. ඉන්දියාව සහල් අපනයනය නවතාලීම නිසා ඇතැම් රටවල් මේ වන විට සහල් අර්බුදයකට පවා ලක්ව සිටිනවා.

එම නිසා රටක් ලෙස අපද මෙම අර්බුදයට මුහුණදීමට සූදානම් විය යුතුයි. රටේ කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීම රජයකට තනිවම සිදුකළ නොහැකියි. ඒ සඳහා සියලු දෙනාගේම සහාය අත්‍යවශ්‍යයි. ඒ අනුව මෙරට පුරන් කුඹුරු යළි වගා කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙහි මූලික අදියර යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් හෙක්ටයාර් 11,000ක් අස්වැද්දීමට කටයුතු කරනවා. මේ සඳහා රජය රුපියල් මිලියන 420ක් වෙන් කර තිබෙනවා.

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5%ක්ම ලබා දෙන්නේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයෙන්. කෘෂිකාර්මික රටක් ලෙස රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන මෙම දායකත්වය මීට වඩා ඉහළ අගයකට නංවාලීමට අවස්ථාව තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සහන රැසක් ලබා දී තිබෙනවා. පොහොර සහනාධාර ලබා දුන්නා. ඒ හේතුවෙන් පසුගිය කාලයට වඩා මේ වන විට මෙරට සහල් නිෂ්පාදනයේ යම් වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ගොවීන්ගේ වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය විධිමත් කිරීමට ද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වෙනවා. මේ වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ගණනය කර තිබෙනවා. ඒ නිසා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක අතිරික්තයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වනු ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. බීර නිෂ්පාදනය වෙනුවෙන් සහල් තොග නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

සහල් නිෂ්පාදනය වැඩි කිරීමට සමගාමීව අතිරේක බෝග වගාව වැඩිදියුණු කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අය වැය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කෘෂිකාර්මික කේෂ්ත්‍රයට නවීන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මෙරට තරුණ ප්‍රජාව කෘෂිකාර්මික අංශයට නැඹුරු කරලීමේ අරමුණ ඇතිව තරුණ ව්‍යවසායකත්ව කෘෂි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මකයි. ප්‍රයෝජනයට නොගන්නා රජය සතු ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා තරුණ පිරිස්වලට ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සංශෝධන සහිතව කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතිනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියෙන් තුළින් මෙරට කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කිරීමට හැකියාව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28