ආහාරපාන මිල තව තවත් ඉහළට

ගෑස් මිල වැඩිවීම හමුවේ තේ, කිරි තේ, බත් ,කොත්තු, ආප්ප, පරාටා, රොටී සහ ක්ෂණික ආහාර ඇතුලු සියලු ආහාරවල මිල ඉහළ යනු ඇති බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවනු ලැබූවා. ආපනශාලාවල විකිණීමට තබා ඇති ආහාරවල මිල තීරණය කිරීමේ වගකීම එහි හිමිකරුවන්ට ලබාදෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5හේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 4,860ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?