spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ආසියාව දිනූ විසිකිරීමේ ශූරයෝ දිවයිනට (ඡායාරූප)

03 වන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) අලුයම දිවයිනට පැමිණියා.

මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

දකුණු කොරියාවේ මොක්පෝ නුවර පැවති මෙම තරගාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ 21 හැවිරිදි රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනාගත්තේ නව වතාවක් ද සමඟයි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සුමේධ රණසිංහට හැකියාව ලැබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ ද හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනාගත්තා.

තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (17) අලුයම 12.10ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

20240617 011446 scaled
20240617 011414 scaled
20240617 011327 scaled

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?