ආසියාව දිනූ විසිකිරීමේ ශූරයෝ දිවයිනට (ඡායාරූප)

03 වන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) අලුයම දිවයිනට පැමිණියා.

මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

දකුණු කොරියාවේ මොක්පෝ නුවර පැවති මෙම තරගාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ 21 හැවිරිදි රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනාගත්තේ නව වතාවක් ද සමඟයි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සුමේධ රණසිංහට හැකියාව ලැබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ ද හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනාගත්තා.

තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (17) අලුයම 12.10ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

20240617 011446 scaled
20240617 011414 scaled
20240617 011327 scaled

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07