ආසියාවේ අනුශූරියෝ යළි මව්බිමට (ඡායාරූප)

චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනූ (අනුශූරතාව) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ (28) රාත්‍රී 08.40 ට චීනයේ කුංමිං සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ – 713 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ක්‍රීඩිකාවන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු,

“මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව මේ අවුරුද්ද අපට හොද වසරක්. අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා. ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා. අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම, අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා. පිතිකරණයත් දියුණු කරලා හදාගන්න ඕන, එහෙම උනොත් අපිට ලෝක ශූරතාවය දිනාගැනීමට පුළුවන්.”

20230928 215804 scaled
20230928 215802 scaled
20230928 215914 scaled
20230928 220008 scaled
20230928 215605 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48