ආසියානු සවි එසවීමේ රන් පදක්කම් දිනූ යුවළ මව්බිමට

නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල්, රන් පදක්කම් 11ක් සහ 1ක් රිදී පදක්කමක් දිනා ගනිමින් ඊයේ (19) පස්වරුවේ මෙරටට පැමිණියා.

මෙම තරගාවලිය නේපාලයේ දී පසුගිය 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වුණා.

තරගාවලියට සහභාගී වූ රුවන් පෝල්, ලෝක සවි එසවීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා සන්නාම තානාපති ද වනවා.

විවෘත සවි එසවීම, බෙන්ච් ප්‍රෙස් , බෙඩ් ලිෆ්ට් සහ එම තරඟ ඉසව්වල ජ්‍යෙෂ්ඨ අංශ යටතේ තරග කරමින් මෙම පදක්කම් දිනා ගැනීමට මොවුන් සමත් වී තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රුවන් පෝල් කියා සිටියේ ලෝක සවි එසවීමේ තරගාවලිය මෙවර නොවැම්බර් මස 25වන දින 30වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා රටවල් 40ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක් පමණ සහභාගී වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?