AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි

මෙරට ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා අතර පැවති සාකච්ඡාවේදීයි සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීමට මූල්‍යාධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙතෙක් සිදු කරගෙන යන ගිවිසුම් ද ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ආසියානු සංවර්ධන බැංකුවේ එකඟත්වය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?