ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද (01 වැනිදා) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහභාගි වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා. ඒ අනුව ධනංජය ද සිල්වාට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බව සැලවෙන අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමේ වැඩි අවස්ථාවක් පවතී.
මේ අතර බංග්ලාදේශය වෙනුවෙන් මාධ්‍ය හමුවට එක් වූ බංග්ලාදේශ ක්‍රිකට් පිලේ අධ්‍යක්ෂක කලිඩ් මහමුඩ් ‘ඇෆ්ගනිස්තානයට වඩා බංග්ලාදේශය හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීම පහසුද කියා අද තරගයේදී බලමු’ යැයි පැවසූ අතර එය, ඇෆ්ගනිස්තානයට සාපේක්ෂව බංග්ලාදේශය සමග තරගය පහසු යැයි මින් ඉහත අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් විය හැකි.
අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.




