AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු කාන්තා දැල්පන්දු අනු ශූරියන් දිවයිනට

ඉන්දියාවේ පැවති 13 වන ආසියානු කාන්තා දැල්පන්දු තරගාවලියේ, අනුශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම තරගාවලිය ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 18 දින සිට 27 දින දක්වා පැවැත්වූ බවයි.

අනූශූරයින් පස්වරු 12.55 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.1167 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?