ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිගෙන් අපි කුසලානය ගන්නේ නැහැ – සූර්ය කුමාර් යාදව්

ආසියානු කුසලානයේ A ඛාණ්ඩයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයෙන් පසු දෙපිළේ ක්‍රීඩකයින් අතට අත හුවමාරු කර නොගැනීම සම්බන්ධව මේ වන විට ජ්‍යාත්‍යන්තරයේ විශේෂ අවධානයක් හිමිව තිබෙනවා.

දෙරට අතර පවතින දේශපාලන අර්බුධ වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය කණ්ඩායම විසින් තරග අවසානයේ මෙලෙස අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් පකිස්ථාන කණ්ඩායම විසින් ඉන්දීය කණ්ඩායමේ මෙම හැසිරීම සම්බන්ධව තම අප්‍රසාදය පළකර තිබුණු අතර ඒ බව දන්වමින් ඔවුන් විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ද යොමු කළා.

එම ලිපියේ වැඩිදුරටත් පකිස්තානය විසින් සඳහන් කර තිබෙන්නේ ඉන්දීය තරගයේදී තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට්, මින් ඉදිරියට පාකිස්ථානය සහභාගීවන තරග තීරකවරයා ලෙස යොදා නොගන්නා බව තහවුරු කළයුතු බවයි.

එමෙන්ම මෙවැනි තත්වයක් මත පකිස්තානය තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත බවද ඔවුන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ලිපියට ප්‍රතිචාර දක්වමින්, අද (17) රාත්‍රියේ පැවැත්වීමට නියමිත පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයට ඇන්ඩි පයික්‍රොෆ්ට්ව තරග තීරකයා ලෙස යොදා නොගැනීමට තීරණය ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඒ අනුව පකිස්ථානය තරගාවලියට සහභාගී වීමේ තීරණය අද දිනය තුළ දී ලැබීමට නියමිතයි.

මේ අතර ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව් විසින් තම කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කළහොත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අතින් ආසියානු කුසලානය ලබා නොගන්නා බවට ආසියානු ක්‍රිකට් කවුසිලය වෙත දැනුම් දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන මොහ්සින් නක්වි, පකිස්ථාන ජාතිකයෙක් වන අතර පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද ඔහු වීම නිසා ඉන්දීය නායකයා විසින් මෙලෙස ඔහුගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කාර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
26
+1
257
+1
10
+1
14
+1
15
+1
224
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?