ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිගෙන් අපි කුසලානය ගන්නේ නැහැ – සූර්ය කුමාර් යාදව්

ආසියානු කුසලානයේ A ඛාණ්ඩයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයෙන් පසු දෙපිළේ ක්‍රීඩකයින් අතට අත හුවමාරු කර නොගැනීම සම්බන්ධව මේ වන විට ජ්‍යාත්‍යන්තරයේ විශේෂ අවධානයක් හිමිව තිබෙනවා.

දෙරට අතර පවතින දේශපාලන අර්බුධ වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය කණ්ඩායම විසින් තරග අවසානයේ මෙලෙස අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් පකිස්ථාන කණ්ඩායම විසින් ඉන්දීය කණ්ඩායමේ මෙම හැසිරීම සම්බන්ධව තම අප්‍රසාදය පළකර තිබුණු අතර ඒ බව දන්වමින් ඔවුන් විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ද යොමු කළා.

එම ලිපියේ වැඩිදුරටත් පකිස්තානය විසින් සඳහන් කර තිබෙන්නේ ඉන්දීය තරගයේදී තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට්, මින් ඉදිරියට පාකිස්ථානය සහභාගීවන තරග තීරකවරයා ලෙස යොදා නොගන්නා බව තහවුරු කළයුතු බවයි.

එමෙන්ම මෙවැනි තත්වයක් මත පකිස්තානය තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත බවද ඔවුන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ලිපියට ප්‍රතිචාර දක්වමින්, අද (17) රාත්‍රියේ පැවැත්වීමට නියමිත පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයට ඇන්ඩි පයික්‍රොෆ්ට්ව තරග තීරකයා ලෙස යොදා නොගැනීමට තීරණය ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඒ අනුව පකිස්ථානය තරගාවලියට සහභාගී වීමේ තීරණය අද දිනය තුළ දී ලැබීමට නියමිතයි.

මේ අතර ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව් විසින් තම කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කළහොත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අතින් ආසියානු කුසලානය ලබා නොගන්නා බවට ආසියානු ක්‍රිකට් කවුසිලය වෙත දැනුම් දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන මොහ්සින් නක්වි, පකිස්ථාන ජාතිකයෙක් වන අතර පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද ඔහු වීම නිසා ඉන්දීය නායකයා විසින් මෙලෙස ඔහුගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කාර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
26
+1
257
+1
10
+1
14
+1
15
+1
224
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාමාංශික ප්‍රතිපත්ති විශ්වාස කරන සෙට් එකට ප්‍රසාද්ගෙන් පාඩමක්..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුව
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38