බහරේනයේ පැවති 03 වන ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) උදෑසන දිවයිනට පැමිණියා.
මෙම තරගවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියව ලැබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) උදෑසන 08.40ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි අතර,ඔවුන්ව පිළිගැනීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ,ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මෙවර තරගාවලියට ආසියානූ කලාපයේ රටවල් 45 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.
එහිදී රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ ළහිරු අචිත්ත මීටර් 1,500 ඉසව්වට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන්නා.





