AFC Banner
Empty Ad
Empty Ad

ආසාදිතයකු සමඟ බාරයක් ඔප්පු කරන්න ගිය සිසුන් 23ක් නිරෝධායනයට

කොටවෙහෙර, පාසැලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 23 දෙනෙකු හා මවුපියන් කොරෝනා ආසාදිත මවක සමග පන්සලක කිරි උතුරවා බාරයක් ඔප්පු කිරීමකට යාම හේතුවෙන්, එම පිරිස නිරෝධායනයට ලක් කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  අද(20) පැවසීය.   

එම පිරිස ඇතුලුව සමීප ආශ්‍රිතයන් ලෙස පවුල් 26 ක පුද්ගලයන් 47දෙනෙකුද නිරෝධායනය කර තිබේ.

මෙම ආසාධිත මවගේ සැමියා වූ බස් කොන්දොස්තරවරයාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව, එම පවුලේ අය ඇතුලුව 40ක් නිරෝධායනයට ලක්කර පී.සී.ආර්.පරීක්ෂණ කර තිබිණි.  එහිදී මෙම මව  ආසාදිතයකු බව වෛද්‍ය වාර්ථාවලින් තහවුරු වී තිබිණි.

නිරෝධායනයට ලක් වූ පාසැල් දරුවන් 10දෙනෙකු සහභාගී වූ අමතර පංතියකටද මෙම ආසාදිත මව සහභාගී වීම හේතුවෙන් එම අමතර පංති ගුවරයා ද නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

මේවන විට කොටවෙහෙර ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 8දෙනෙකු වාර්තා වන බවද, සමීප ආශ්‍රිතයන් ලෙස පුද්ගලයන් 87දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද  තවදුරටත් සමීප ආශ්‍රිතයන් සොයා අද (20) පරීක්ෂණ කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට  ගෙන සියලුදෙනා  සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව  වඩාත් අවධියෙන් සිටින සිටින ලෙසද, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?