ආරුගම්බේ ප්‍රහාර සැලසුමට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට – විදේශිකයින් ආරක්ෂිතයි; සංචාරයට එන ලෙසත් දැනුම්දීමක්

මෙරට ආරුගම්බේ සංචාරක කලාපයේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් එල්ල වීමට නියමිතව තිබූ ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට පුද්ගලයින් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (23) පෙරවරුවේ මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙනු ලැබුවේ; නැවත දැනුම්දෙන තුරු සිය පුරවැසියන්ට ආරුගම්බේ ඇතුළු සංචාරක කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

මෙවන් පසුබිමකදී ඊයේ දිනයේ දී අමෙරිකානු තානාපති කාර්‍යාලයට සමගාමීව යමින් මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය, රුසියානු තානාපති කාර්‍යාලය ඇතුළු විදෙස් කොන්සල් ජනරාල් කාර්‍යාල මගින් ද සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආරුගම්බේ කලාපයේ සංචාරය කිරීම තහනම් කෙරුණා.

ඒ අතරතුර ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ; මෙම බුද්ධි තොරතුර මීට සති 03කට ඉහත දී ලැබුණු බවත්; ඉන් අනතුරුව ඒ පිළිබඳව ආරක්ෂක කවුන්සිලය රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග නැගෙනහිර කලාපය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව ද දැනුම්වත් කරමින් සිදු කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම අදාළ බුද්ධි තොරතුර ඉන්දීය බුද්ධි අංශ මගින් නිල වශයෙන් පෙරේදා (22) දිනයේ දී තහවුරු කරන ලද බවත් ඔක්තෝම්බර් 19ත් 23ත් අතර කාලය තුළ ඊශ්‍රායල වැසියන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ කලාපය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබුණු බවත්; සති තුනක සිට එම කලාපය සහ දිවයිනේ සියලුම සංචාරක මධ්‍යස්ථානවල, පූජා නගරවල ආරක්ෂාව තර කළ බව ද ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ පැවසුවේ; කිසිදු බියක් සහ අනීතික තැති ගැන්මක් ඇති කර නොගන්නා ලෙසත් සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව උපරිමයෙන් සනාථ කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් ගෙන ඇති විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙරට පිහිටි කොන්සල් ජනරාල් කාර්‍යාලවලින් ද ධනාත්මක ප්‍රතිචාරයක් හිමිව තිබෙන බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ සිය පුරවැසියන්ට වහාම ශ්‍රී ලංකාවෙන් පිටවීම හෝ ආරුගම්බේ කලාපයෙන් ඉවත් ව කොළඹ නගරයට පැමිණෙන ලෙසයි.

මේ අතර එළැඹෙන සංචාරක සමයේදී බි‍යෙන් ‍තොරව සංචාරය කිරීමට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනාවක් කර තිබෙනවා.

සංචාරකයින්ට ඉහළම ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර; එය ක්‍රියාත්මක කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ වනවිට මෙරට රැඳී සිටින සංචාරකයින්ගේ මානසික සුවයට සහ ආරක්ෂාවට කිසිඳු ආකාරයක තර්ජනයක් එල්ල නොවන බවට සහතික විය හැකි බව ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළා.

මේ අතර තවදුරටත් ආරුගම්බේ ඇතුළු දිවයිනේ සියලුම ඊශ්‍රායල ජාතිකයින් ඇතුළු විදෙස් සංචාරකයින් ගැවසෙන සංචාරක මධ්‍යස්ථාන ඇතුළු ස්ථානවලට පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්‍යය බලකාය ස්ථානගත කිරීමටත් බුද්ධි අංශ යෙදවීමටත් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34