ආරුගම්බේ ආරක්ෂිතයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් තහවුරු කිරීමක් (වීඩියෝ)

ආරුගම්බේ සංචාරක කලාපයට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (23) පෙරවරුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ; මීට පෙර අදාළ තොරතුර සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ මගින් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කෙරුණු බවයි.

එබැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ආරුගම්බේ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් සලසා ඇති බවත්, ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදා, විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්, පොලිස් නිලධාරින් සේම බුද්ධි අංශ ද එහි ස්ථානගත කිරීමට කටයුතු කර අවසන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගාසා තීරයේ දී හටගෙන ඇති දරුණු යුද්ධය හේතුවෙන් මෙම අවදානම මතු වී තිබෙන බවත් වාර්තා වනවා.

ඊට හේතුව වන්නේ ඊශ්‍රායල ජාතිකයින් මෙරට ආරුගම්බේ වෙරළ කලාපයේ එක් කොටසක ගොඩනැගිල්ලක් තනා ඇති බවත්; එහි රැඳෙන්නේ සර්ෆින්ග් ක්‍රීඩාවේ නිරත වන සංචාරකයින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එබැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් මෙම අනතුරුදායක තත්ත්වය ඇතිවිය හැකි බවට ලද බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය උපරිම ආරක්ෂාව මේ වනවිට තහවුරු කර අවසන් බවත් එම තොරතුරු සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්‍යාලය අදාළ නිවේදනය නිකුත් කරන්නට ඇති බවට විශ්වාස කරන බවයි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය පැවසුවේ.

අදාළ බුද්ධි තොරතුරු ආ විගස ඒ පිළිබඳව නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද දැනුම්වත් කිරීමට පියවර ගැනුණු බවත්; එම ප්‍රදේශවල මාර්ග බාධක යොදා සියලුම වාහන, පුද්ගලයින් පරීක්ෂා කිරීම් ද සිදුවන බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙරට පිහිටි ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර ඔවුන් පැවසුවේ මේ හේතුවෙන් සිය පුරවැසියන්ට එහි නැවත දැනුම්දෙන තුරු සංචාරය නොකරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?