ආරුගම්බේ ආරක්ෂිතයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් තහවුරු කිරීමක් (වීඩියෝ)

ආරුගම්බේ සංචාරක කලාපයට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (23) පෙරවරුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ; මීට පෙර අදාළ තොරතුර සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ මගින් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කෙරුණු බවයි.

එබැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ආරුගම්බේ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් සලසා ඇති බවත්, ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදා, විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්, පොලිස් නිලධාරින් සේම බුද්ධි අංශ ද එහි ස්ථානගත කිරීමට කටයුතු කර අවසන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගාසා තීරයේ දී හටගෙන ඇති දරුණු යුද්ධය හේතුවෙන් මෙම අවදානම මතු වී තිබෙන බවත් වාර්තා වනවා.

ඊට හේතුව වන්නේ ඊශ්‍රායල ජාතිකයින් මෙරට ආරුගම්බේ වෙරළ කලාපයේ එක් කොටසක ගොඩනැගිල්ලක් තනා ඇති බවත්; එහි රැඳෙන්නේ සර්ෆින්ග් ක්‍රීඩාවේ නිරත වන සංචාරකයින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එබැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් මෙම අනතුරුදායක තත්ත්වය ඇතිවිය හැකි බවට ලද බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය උපරිම ආරක්ෂාව මේ වනවිට තහවුරු කර අවසන් බවත් එම තොරතුරු සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්‍යාලය අදාළ නිවේදනය නිකුත් කරන්නට ඇති බවට විශ්වාස කරන බවයි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය පැවසුවේ.

අදාළ බුද්ධි තොරතුරු ආ විගස ඒ පිළිබඳව නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද දැනුම්වත් කිරීමට පියවර ගැනුණු බවත්; එම ප්‍රදේශවල මාර්ග බාධක යොදා සියලුම වාහන, පුද්ගලයින් පරීක්ෂා කිරීම් ද සිදුවන බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙරට පිහිටි ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර ඔවුන් පැවසුවේ මේ හේතුවෙන් සිය පුරවැසියන්ට එහි නැවත දැනුම්දෙන තුරු සංචාරය නොකරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයන් බලන්න ආ සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි..මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද?
06:20
Video thumbnail
පරාජයට හේතු කියන දසුන් ශානක..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26


?