ආර්ථිකය ස්ථාවර වී ඇති ආකාරය පහදන ප්‍රවාහන නි.ඇමති ප්‍රසන්න

රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර වී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

මෙම වසරේ අවුරුද්දේ පළවෙනි මාස හයට සංචාරකයින් ලක්ෂ දාහතරක් පැමිණ ඇති බවත්, ඉන් ඩොලර් බිලියන එකයි දශම හතක ආදායමක් ලැබී ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය වසරවලට පළමු මාස හයේ ආදායමත් සමඟ සසඳන විට එය විශාල ආදායමක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ පළවෙනි මාස 06 ඇතුළත ඩොලර් බිලියන තුනයි දශම හතක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පසුගිය 2024 වසරට සාපේක්ෂව එය 18.9%ක ඉහළ යාමක්.

එමෙන්ම අපනයන ආදායම ද ඩොලර් බිලියන 8.3ක් මෙම වසරේ පළමු මාස හයට ලැබී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එය ගිය අවුරුද්දට සාපේක්ෂව සියයට අටයි දශම තුනක වර්ධනයක්.

සෘජු විදේශ ආයෝජන ද ඩොලර් මිලියන පන්සිය හතක් ලැබී ඇති බව සඳහන් කළ ඔහු වරාය මෙහෙයුම් ලාභය ගිය අවුරුද්දට සාපේක්ෂව බදු ගෙවලා සියයට හැට හයක වර්ධනයක් පෙන්නමු කරන බවත් සඳහන් කළා.

ඉන් රුපියල් බිලියන 09ක ලාභයක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම පසුගිය වසරවල මෙන් නොව මෙම වසරේ පළවෙනි මාස 06 ඇතුළත ආදායම් වියදම් පරතරය අඩු කරගෙන ඇති බවත් එය 33% කට වඩා වැඩි බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස් රථ ප්‍රවාහන සේවයේ ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 45න් 09ක් නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමේ අවස්ථාව මොරටුව, කටුබැද්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස් ඩිපෝවේ දී එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10