AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස තාරක බාලසූරිය නිතරඟයෙන් තේරී පත්වෙයි

පාර්ලිමේන්තුවේ අද (27) පැවති ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඒකමතිකව තේරී පත් වී තිබෙනවා.

ඔහු මෙලෙස තේරී පත්වූයේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්.

රාජ්‍ය සතු ව්‍යවසායවල කාර්ය සාධනය, මූල්‍ය ස්ථාවරත්වය, ආයෝජන කළමනාකරණය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා ඇති අවස්ථා ඇතුළු කරුණු පරීක්ෂා කිරීම මෙම කාරක සභාවේ කාර්යයන් වනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වැනි අනෙකුත් මූල්‍ය කාරක සභාවල විෂය පථයන් එකිනෙක නොගැටෙන අයුරින් කාරක සභාවේ ඉදිරි කටයුතුකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?