AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ සමාගම් පරිපාලන මෙහෙයුම් නිලධාරියකු වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් ඉකුත් 22 වනදා මෙම නඩුකරයට පාදක වන “ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පත” පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බවයි.

එම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් තුළින් මෙරට ජනතා පරමාධිපත්‍යය, ස්වෛරී භාවය මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළා.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?