spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික අර්බුධයෙන් පසු ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මදක් ඉහළට

පැවති ආර්ථික අර්බුධය හමුවේ රට බංකොළොත් රටක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පළමු වරට ණය ශ්‍රේණි ගත කිරිම් අනුව රට මදක් ඉහළට පැමිණ ඇති බවට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් විසින් ප්‍රකාශකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කොටළුගොඩකන්ද විහාරස්ථානයේ අද (29) දහවල් පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙම ශ්‍රේණිගත කිරීම් අද වන විට අප රට ධනාත්මක ගමනකට අවතීර්ණ වී ඇති බවට ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් සාධකයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ස්වාධීන ආයතන දෙකක් විසින් මෙවන් මතයක් ප්‍රකාශ කිරීම දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් කාරණාවක් බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?