AFC Banner
Empty Ad
Empty Ad

ආරක්‍ෂක ලේකම් සිය පළමු යුද හමුදා මූලස්ථාන සංචාරයට එක්වෙයි (ඡායාරූප)

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (28), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙය වන බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු ව පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය වෙත හඳුන්වා දුන්නා.

මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.

ආරක්‍ෂක ලේකම්වරයා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ; ඉදිරියේ දී සිදුවිය හැකි කැරලි, ස්වාභාවික විපත් සහ වසංගත පිළිබඳ ව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය අතිශය වැදගත් බවයි.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.

WhatsApp Image 2024 10 28 at 20.18.14
WhatsApp Image 2024 10 28 at 20.18.13 2
WhatsApp Image 2024 10 28 at 20.18.12
WhatsApp Image 2024 10 28 at 20.18.11 2
WhatsApp Image 2024 10 28 at 20.18.11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණයට ගත්ත සල්ලි කෝ - පොහොට්ටු මන්ත්‍රී අහයි
05:43
Video thumbnail
ගසා තීරයේ සටන් විරාමයට සිරකරුවන් හුවමාරු කරගන්න සැරසෙන හැටි මෙන්න
08:49
Video thumbnail
හිටපු ජනපති අද හරි සැරෙන් කරපු සම්පූර්ණ කතාව මෙන්න
17:31
Video thumbnail
අත්තටු තමන්ගේ නම් කොහෙටද පුතා පියාඹන්න බැරි???
04:41
Video thumbnail
පෙට්‍රල් නැතුව වාහනේ නතර වුණොත් දඩ - කොහොමද පොලිසියේ වැඩ
01:33
Video thumbnail
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවෙන් ගිලිහෙයි ?
07:34
Video thumbnail
ජය පරාජය විඳගන්න බැරි පාතාලය වගේ හැසිරෙන ක්‍රීඩකයෝ
02:14
Video thumbnail
මහ ඇමති පුටුවට එන තලපති විජේගේ මංගල රැළියේ ඔබ නොදත් කතාව මෙන්න
06:30
Video thumbnail
තුන් දෙනාට මේක කරගෙන යන්න අමාරුයි - මාලිමා ප්‍රබලයා විශේෂ හෙළිදරව්වක් කරයි
29:59
Video thumbnail
රංජන් රැස්වීමේ වුණු දේ හෙළි කරයි - අරක්කු ගන්න සල්ලි දුන්නා මල්ලි
02:26

?