ආරක්‍ෂක ලේකම් සිය පළමු යුද හමුදා මූලස්ථාන සංචාරයට එක්වෙයි (ඡායාරූප)

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (28), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙය වන බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු ව පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය වෙත හඳුන්වා දුන්නා.

මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.

ආරක්‍ෂක ලේකම්වරයා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ; ඉදිරියේ දී සිදුවිය හැකි කැරලි, ස්වාභාවික විපත් සහ වසංගත පිළිබඳ ව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය අතිශය වැදගත් බවයි.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.

WhatsApp Image 2024 10 28 at 20.18.14
WhatsApp Image 2024 10 28 at 20.18.13 2
WhatsApp Image 2024 10 28 at 20.18.12
WhatsApp Image 2024 10 28 at 20.18.11 2
WhatsApp Image 2024 10 28 at 20.18.11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?