ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් හමුවෙයි

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික)එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (12) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගාලෝරු හි පැවැත්වෙන Aero India 2025 ගුවන් සංදර්ශනය අතරතුර දී හමුවුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ගුවන් සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳ ගවේෂණය කරමින් ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මූලික වශයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු බවයි.

ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් මෙහිදී අවධාරණය කරන ලද අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ඒකාබද්ධ මුලපිරීම් පිළිබඳ කරුණු හුවමාරු කර ගනු ලැබුවා.

මෙම හමුව සනිටුහන් කිරීම සහ ආරක්‍ෂක සබඳතා තරකර ගැනීමේ අන්‍යෝන්‍ය කැපවීම සංකේතවත් කිරීම වෙනුවෙන් මෙම අවස්ථාවේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා එදිනම ඉන්දීය ගුවන් හමුදා පුහුණු විධානයේ ප්‍රධාන ගුවන් අණදෙන නිලධාරී එයාර් මාර්ෂල් නාගේෂ් කපූර් ද හමුවුණා.

ආරක්‍ෂක අංශයේ අන්‍යෝන්‍ය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් ඵලදායි සාකච්ඡාවක ඔවුන් නිරත වූ අතර, පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සහ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම මෙම අවස්ථාවේ ඉස්මතු කළා.

සමරු තිළිණ හුවමාරුවකින් මෙම රැස්වීම අවසන් වූ බවත් වාර්තා වනවා.

WhatsApp Image 2025 02 13 at 12.07.08
WhatsApp Image 2025 02 13 at 12.07.07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34