ආරක්ෂක ලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරයා අතර විශේෂ හමුවක්

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන, සාම සාධක කටයුතු සහ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ඇමරිකාව, ආසියාව සහ පැසිෆික් කලාපය භාර සහකාර මහලේකම් කලීඩ් කියරි අතර හමුවක් සිදුව තිබෙනවා.

ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදුකරන සිය නිල සංචාරය අතරතුර පෙරේදා (22) මෙම හමුව සිදුවූ බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය ඇතුළු පිරිසක් ද ශ්‍රී ලංකා දූත පිරිස සමඟ මෙම හමුවට එක්ව සිටියා.

මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යෝජිත හමුදා කණ්ඩායම් අනුයුක්ත කිරීමට අදාළව ගනු ලබන පූර්ව සූදානම් කිරීමේ පියවර පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

මෙහෙයුම් සඳහා තෝරාගනු ලබන සියලුම හමුදා සාමාජිකයන් මානව හිමිකම් නිදර්ශන විමර්ශන ප්‍රතිපත්තිය (HRDDP), ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (IHRL) පිළිබඳ පුළුල් හා ව්‍යුහාත්මක පුහුණුවක් ලබාගන්නා බව එහිදී අවධාරණය කෙරුණා.

එක්සත් ජාතීන්ගේ අවශ්‍යතාවන්ට අනුකූල වීම සහ මෙහෙයුම් පරිසරයන් තුළ වෘත්තීයමයභාවය තහවුරු කරමින් මෙම පුහුණු වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

මෙම පුහුණු වැඩසටහන්වලට අදාළ අදියර තුළ, අදාළ ප්‍රමිතීන් සහ සම්මතයන් උල්ලංඝනය කිරීමේ ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි මඟපෙන්වීමක් ඇතුළත් වන බව ද දූත පිරිස විසින් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

වාර්තා කිරීම සහ චෝදනා විමර්ශනය කිරීමේ ක්‍රියා පටිපාටි මෙන්ම, නිසි බලධාරීන් විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු වගවීම තහවුරු කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බව ද ඔවුහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

තවද, මේ සම්බන්ධයෙන් ජාතික විමර්ශන නිලධාරියාගේ කාර්යභාරය ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40