ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට – මහින්දට එල්ල වෙනවා යැයි කියූ ඩ්‍රෝන ප්‍රහාරය ගැනත් ප්‍රකාශයක් (වීඩියෝ)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ අවශ්‍යතාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

අද (29) දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අවශ්‍යතාවක් පැන නැගුණහොත් එය ද ඉටු කිරීමට සූදානම් බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම ඊයේ දිනයේ දී යාපනය මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා.

එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කංචන බානගොඩ මහතා පැවසුවේ; ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර පැමිණි ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ ඉන්දීය ධීවරයින් නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් බවයි.

24 පැය පුරා ම මෙරට මුහුදු සීමාව පරීක්ෂා කිරීමටත්, රට තුළ සැරිසරන ට්‍රෝලර් යාත්‍රා පරීක්ෂා කිරීම ද නාවික හමුදාව විසින් සිදු කරන බවත් ඉන්දීය බහුදින ධීවර යාත්‍රාව නාවික නියෝග අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති ව තිබෙන බවත් නාවික හමුදාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා.

එහිදී ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ලබා දී ඇති ආයුධ සම්බන්ධ‍යෙන් විගණනයක් කර ඇති බවත් නිසි දිනයට අවි ආයුධ ලබා නොදුන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හට ගිනිඅවි දෙකක් ලබා දී ඇති බවත් ඉන් එකක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාර කරන ලෙසට දැනුම්දී ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා.

යෝෂිත මහතා වෙත ගිනිඅවි දෙකක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වෙනවා යැයි කියූ ඩ්‍රෝන ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා නොමැති බවත් එසේ ඇත්නම් නියත වශයෙන් ම ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?