ආරක්ෂක අංශයේ සැමරුම් වෙනුවෙන් ශ්‍රී දළඳා මාලිගාවේ විශේෂ ආගමික වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වැනි රණවිරු සැමරුම් දිනය ඊයේ (02) සහ අද (03) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කරනු ලැබුවා.

සෑම වසරකම සිදු කරන මෙම ආගමික වතාවත් හා දානමය පුණ්‍ය කර්මය වෙනත් වසරවල දී මෙන්ම මෙවරත් සිදු කිරීමට සියලු කටයුතු සලසා තිබුණා.

30 වසරක යුද්ධයෙන් මියගිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වලට මෙන්ම සමස්ත රටවැසියන්ටත් ආශිර්වාද පතා ශ්‍රී දළදා මාලිගාවේ දී මෙම දානමය පුණ්‍ය කර්මය පැවැත්වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ ශ්‍රී දළදා සමිඳුන් වෙත ගිලන්පස පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව අද (03) දහවල් 25 නමක් කෙරෙහි දානමය පිංකමක් ද සිදු කරනු ලැබුවා.

මෙම ආගමික වතාවත් සහ දානමය පුණ්‍ය කර්මය සඳහා මල්වතු පාර්ශ්වය අනූනායක අතිපූජ්‍ය දිඹූල්කුඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා.

මේ අතර සිවිල් ආරක්ෂක බලකායේ 18 වන සැමරුම් උත්සවයට සමගාමීව ද ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමත් ආරක්ෂක බලකාය සතු ධජ ආශිර්වාද ගැන්වීමත් සිදු කෙරුණා.

මෙහිදී සිවිල් ආරක්ෂක බලකායේ බලකා 24ක ධජ ආශිර්වාද ගැන්වීම සිදු වූ බවයි පැවසෙන්නේ.

සිවිල් ආරක්ෂක බලකායේ 18 වන සැමරුමට සමගාමීව දිවයිනේ විවිධ ආගමික සිද්ධස්ථානවල දී ආගමික කටයුතු සිදු වුණා.

මේ අවස්ථාවන්ට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් පිරිසක් ඇතුළු රණවිරු පවුල් රැසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02