ආයතන හිමිකරුගේ විශ්වාසවන්ත සේවකයාගේ වංචාව

පෞද්ගලික ඉදිකිරීම් සමාගමක හිමිකරු විදේශගත වූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා යන්ත්‍රෝපකරණ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ වසර 25 ක පමණ කාලයක් සේවය කළ හිමිකරුගේ විශ්වාසවන්තම සේවකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ භාණ්ඩ සොරු ගෙන ගොස් ඇති බවටයි.

සැකකරු අලෙවි කර තිබූ වායු පීඩන යන්ත්‍රයක්, පෑස්සුම් යන්ත්‍රයක්, මහල් නිවාසවලට භාණ්ඩ එහා මෙහා ගෙන යන යන්ත්‍රයක්, පොළොව තැලීමට යොදා ගන්නා යන්ත්‍රයක්, ඔක්සිජන් ගෑස් කටර් එකක්, සිලින්ඩර දෙකක්, රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා ඇලුමිනියම් පටි තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මොරගහහේන කිතුලකන්ද ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක වසර 25ක පමණ ආසන්න කාලයක් සේවය කළ සේවකයාට යන්ත්‍රෝපකරණ ගබඩා කර තිබෙන නිවස භාර දී හිමිකරු දරුවන් බැලිම සඳහා ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී සැකකරු මෙම සොරකම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තමා නොමැති අවස්ථාවේදී  දේපළ ගබඩා කර තිබූ නිවස කඩා ඒවා සොරාගෙන ගොස් ඇති බවට සැකකරු හිමිකරුට පවසා තිබූ බව සඳහන්.

ඒ අතරවාරයේදී සැකකරු ඔහුට අයත් දේපළ එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් තිබූ අතර හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව  සිදු කළ දීර්ඝ විමර්ශනයකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පැරණි භාණ්ඩ එකතු කිරීමේ යෙදී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුට වරින් වර මෙම දේපළ අලෙවි කළ බවට අනාවරණය වීමෙන් අනතුරුව එම දේපළවලින් විශාල ප්‍රමාණයක් බුලත්සිංහල, ඉංගිරිය සහ බටුවිට ප්‍රදේශවල තිබියදී සොයාගෙන තිබෙනවා.

44 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?