ආමි උපුල් එලොව යවන්න සහාය දුන් අයෙක් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමග අල්ලයි

රාගම – බටුවත්තේ දී පසුගියදා ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නමැත්තාව ඝාතනයට සහාය දුන් සැකකරුවෙකු රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය, අවි ආයුධ සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත් අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 09කට අධික ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක්, කඩුවක්, ගුවන් හමුදා නිල ඇඳුම්, ජංගම දූරකථන 04ක්, ලැප්ටොප් එකක්, ඉලෙක්ට්‍රොනික තරාදි 04ක් ද සොයා ගෙන ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ගිනිඅවි දෙකෙන් එක් ගිනි අවියක් ඝාතනය සඳහා යොදාගෙන තිබූ බවයි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් වසර ගණනාවක සිට බටුවත්ත ප්‍රදේශයේම කුලී පදනම මත ලබාගත් නිවසක සිට ජාවාරම සහ ඝාතනය මෙහෙයවා ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?