ආමි උපුල් එලොව යවන්න සහාය දුන් අයෙක් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමග අල්ලයි

රාගම – බටුවත්තේ දී පසුගියදා ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නමැත්තාව ඝාතනයට සහාය දුන් සැකකරුවෙකු රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය, අවි ආයුධ සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත් අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 09කට අධික ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක්, කඩුවක්, ගුවන් හමුදා නිල ඇඳුම්, ජංගම දූරකථන 04ක්, ලැප්ටොප් එකක්, ඉලෙක්ට්‍රොනික තරාදි 04ක් ද සොයා ගෙන ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ගිනිඅවි දෙකෙන් එක් ගිනි අවියක් ඝාතනය සඳහා යොදාගෙන තිබූ බවයි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් වසර ගණනාවක සිට බටුවත්ත ප්‍රදේශයේම කුලී පදනම මත ලබාගත් නිවසක සිට ජාවාරම සහ ඝාතනය මෙහෙයවා ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34